පොතුහැර දළදා මාලිගාව සම්බන්ධව හෙළිදරව් කිරීම හේතුවෙන් තමන්ට බෝසත් ජානක සේනාධිපති නම් පුද්ගලයාගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව නිලන්ත රණසිංහ සදහන් කරයි.
මහ නායක හිමිවරුන්ට මේ ගැන දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදී දුරකථනයක් මගින් මරණ තර්ජන එල්ල කළ බවත් අතපය කපා මරා දමන බවට පැවසූ බවද නිලන්ත රණසිංහ සදහන් කරයි.
තමාට එල්ල වන මරණ තර්ජන සම්බන්ධයෙන් මහ නායක හිමියන් සාක්ෂි දරනු ඇති බවද ‘දුක හඳුනන අපි’ සංවිධානයේ සභාපති නිලන්ත රණසිංහ සදහන් කරයි.