කිරිපිටි මිල තවත් අඩු කරයි.!

මෙරටට ආනයනික කිරිපිටි මිල ගණන් තවදුරටත් අඩු කිරිමට ආනයනකරුවන් එකඟතාව පළ කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සදහන් කරයි.

කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ (18) දින රාත්‍රියේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සදහන් කරයි.

තවද ඊයේ පැවැති සාකච්ඡාවලදී පළවූ එකඟතා අනුව කිරිපිටි මිල ගණන් අඩුවන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළ දැනුම් දෙන බවට එම ආනයනකරුවන් සදහන් කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඒ අනුව එළඹෙන මැයි මාසයේ සිට යළිත් මෙරටට ආනයනික කිරිපිටි මිල ගණන් තවදුරටත් අඩුවනු ඇති බවද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සදහන් කරයි.

අප්‍රේල් 01 දින සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට එම සංගම් පියවර ගෙන තිබූ අතර එහිදී කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close