යළිත් විදුලි කප්පාදුවක්.. දැනුම්දීමකින් තොරව විදුලිය කපයි.!

දිවයින පුරා දැනුම්දීමකින් තොරව යම් යම් ස්ථානවල විදුලිය කපා හරින බව පාරිභෝගිකයින් විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

රජය විසින් යළිත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට දැනුම් දී තිබුණද යළිත් ටිකෙන් ටික විදුලි කප්පාදුව ඇතිවන බවද පාරිභෝගිකයන් පැමිණිලි කර ඇත.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය කපා හැරීම අලුත්වැඩියාවක් සඳහා බවට දැනුම්දීම කළත් බොහෝමයක් ප්‍රදේශවල හිටි හැටියේ විදුලිය කපා දැමීම සිදුවන බවද වාර්තා වේ.

මේ වනවිට විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 60%ක ප්‍රමාණයක් ඉන්ධන හා ගල් අඟුරුවලින්ද සියයට 31%ක් ජල විදුලියෙන්ද සියයට 05%ක ප්‍රමාණයක් පෞද්ගලික බලාගාරවලින් හා පුනර්ජනනීය බලශක්තියෙන්ද සපයා ගනු ලබන බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සදහන් කරන්නේ විදුලි බිල වැඩිකල නිසා විදුලි කප්පාදුව නොකරන ලෙසත් විදුලි කප්පාදුවක් සිදු කරන්නේනම් වහාම ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close