මෙරටට ගල් අඟුරු ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 55 ක මුදලක් අවශ්‍ය වී තිබීම හේතුවෙන් මෙම මුදල උපයා ගැනීමට මුදල් අමාත්‍යාංශය දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ.
නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය කරන ගල් අගුරු මිලදී ගැනීමට මුදල් සොයාගත නොහැකි වුවොත් පැය හයක් ඉක්ම වූ විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව විදුලිබල මණ්ඩලය අනතුරු අඟවා ඇත.
රුපියල් බිලියන 20ක මුදලක් සොයාගෙන ඇතත් ඉතිරි බිලියන 35 සොයාගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් මෙම මස අවසන් වීමට පෙර මුදල් ගෙවා ගල් අගුරු ආනයනය කල යුතු බවද විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
ගල් අඟුරු ආනයනය නොකළහොත් දැඩි අර්බුදයකට රට මුහුණ දෙනු ඇති බවත් පැය හයක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවත් ඉන් අනතුරුව සැප්තැම්බර් මස දක්වාම විදුලි කප්පාදුව සිදුවනු ඇති බවද වාර්තා වේ.