රට තුළ විදුලි උත්පාදනය කිරීමට මුදල් සොයා ගැනීමට නොහැකි වූවොත් නැවතත් පැය 10 – 12ක විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
එලෙස විදුලි කප්පාදු කළ හොත් ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වන නිසා විදුලි බිල වැඩි කිරීමට සිදු වන බවත් ජනවාරි මස විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු සදහා බිලියන 38ක් වියදම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
රජයට තවදුරටත් මුදල් නොමැති නිසාත් ණය ලබාගත නොහැකි නිසාත් විදුලි ගාස්තු ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.