විදුලි බිල නොගෙවුවාට ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි.!

අද (24) පෙරවරුවේ කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එහි සේවා කටයුතුවලට බාධා මතු වී ඇත.

පෙරවරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් එහි විදුලිය විසන්ධි කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩයේ සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මේ සම්බන්ධයෙන් සදහන් කළේ, විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම කාර්යාලයේ විදුලිය විසන්ධි කළ බවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close