රට පුරා විදුලි කප්පාදු සදහා අනුමැතිය ලබාදී නැති නිසා අනවසර විදුලි කප්පාදු සිදු වන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
077 5687387 අංකයට වට්ස්ඇප් පණිවඩයක් ලෙස හෝ 0112 39 26 41 යන දුරකතන අංකයට හා [email protected] විද්‍යුත් ලිපිනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව උපයෝගීතා කොමිසම සදහන් කරයි.
මෙම මස ජනවාරි 26 වැනිදා සිට එළඹෙන පෙබරවාරි මස 17 දක්වා කාලය තුළ කිසිදු විදුලිය කප්පාදු කිරීමකට අනුමැතිය ලබාදී නැති බවද උපයෝගිතා කොමිසම සදහන් කරයි.