මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ,විදුලි කප්පාදුව පැය 2ක් දක්වා අඩු කර ඇති බවයි.
ඒ අනුව ‘A සිට ‘W කලාප සඳහා දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්රී කාලයේදී පැය 01යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව ඇත.
ජනවාරි 23 සහ පෙබරවාරි 17 වනදා අතර කාලය තුළදී විභාගය පැවැත්වෙන දිනවල රාත්රී 7.00න් පසුව විදුලි කප්පාදුව සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.