සල්ලි හදිස්සියකදී කන පලන්න පෙර දැනුවත් කරන්න.. ප්‍රසන්නට ගාල්ලෙන් මනි ඕඩරයක්.!

අද (18) අපේ දහම් පදනමේ නිර්මාතෘ හා සභාපති සමන් ප්‍රියන්ත විජේවික්‍රම ඇතුළු කරන්දෙණියේ තරුණ පිරිසක් විසින් අමාත්‍ය ප්‍රසන්න රණවීරට රුපියල් තුන්සියයක මනි ඕඩරයක් යැවීමට කටයුතු කර තිබේ. ඒ මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවකට ගුවන්තොටුපොලේදී පෝටර්වරයෙකුට පහරදුන් සිදුවීමට සම්බන්ධවයි.

ඔවුන් කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රධාන තැපැල් කාර්යාලයට පැමිණි අමාත්‍යවරයා වෙත එම මුදල් යැවීමට කටයුතු කර තිබුණි.

සභාපති සමන් ප්‍රියන්ත පවසා සිටියේ අමාත්‍යවරයෙක් රුපියල් 300ක් නොමැතිකමින් ගුවන්තොටුපලේ අහිංසක පෝටර්වරයෙකුට පහරදීම සිදු නොවිය යුත්තක් බවත් ඒ නිසා මෙම මුදල අමාත්‍යවරයාට ලබා දීමට කටයුතු කරනා බවත් ය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement