රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ බිරිඳගේ ගමන් බඩු පාර්සල් රැගෙන යාම සම්බන්ධව කටුනායක ගුවන් තොටුපළේ සේවය කරන පෝටර්වරයකුට ගෙවීමට නියමිත ගාස්තුව වන රුපියල් 1000 වෙනුවට රුපියල් 700 පමණක් ලබාදීම සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවේදී ඔහු එම සේවකයාට පහර දී ඇත.
රුපියල් 300ක් නිසා රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයාට පහරදී නිසා ඉතුරු මුදල වන රුපියල් 300 කරන්දෙණියේ තරුණයන් පිරිසක් විසින් මනි ඕඩරයක් තැපැල් මගින් කථානායකවරයා බාරයේ පාර්ලිමේන්තු ලිපිනයට රාජ්‍ය අමාත්‍යවරයාට යවා ඇත.
කටුනායක ගුවන් තොටුපළේ පෝටර්වරයාට ගෙවීමට නියමිත ඉතිරි මුදල ගෙවීමට පහසුවීම සඳහා කථානායකවරයා භාරයේ රුපියල් 300ක මුදලක් අමාත්‍යවරයා වෙත තැපෑලෙන් යොමුකර ඇත.