කටුනායක ගුවන්තොටුපලේ වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර කියාසිටියේ, ගමන් මළු ප්‍රවාහනය කරදෙන පුද්ගලයෙකුට තමන් විසින් කනට පහරක් ගැසූ බවයි.
“මම ඇත්තටම මගේ බිරිඳට විදේශ ගතවීම සඳහා ගුවන්තොටුපොළට ඇරලවන්න ගියේ, මගෙ බිරිඳ ලඟ බැගේජ් දෙකක් තිබුනා පෝටර් කෙනෙක් එතනට ආවට පස්සේ මම මයි ඒ බැගේජ් දෙක ට්‍රොලියෙන් තිබ්බෙත්.
මම රුපිහල් 700ක් දුන්නට පස්සෙ සල්ලි මදි කියල ගෙනියන්න බෑ කිවුව, මට ඒ වෙලාවෙ ඇත්තටම කේන්ති ගියා.
අපි වගේ ප්‍රභූන්ටත් මෙහෙමන්ම් සළකන්නේ, අහිංසක දුප්පත් මිනිස්සුන්ට කොහොම සළකනවා ඇත්ද, ඒට පස්සේ මං පැත්තකට අරන් ගිහිල්ලා තේරුම් කරලා කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත. ඊට පස්සේ තමයි ඒ මනුස්සයා මාව අඳුරගත්තේ’
කෙසේවෙතත් ගුවන්තොටුපලේ ගුවන් මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පෝටරවරයෙකු රුපියල් දහසක මුදලක් අය කරන බව ගුවන්ඝොටුපොළ භූමියේ දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත.
අමාත්‍යවරයා අතින් පහරකෑමට ලක්වූ පෝටර්වරයාට ඔහු ලබා දී තිබුණේ රුපියල් හත්සීයක් බවද වාර්තා වෙයි.
රු1000 ගෙවනවා නම් පෝටර්ට, මූ රුපියල් 300 ක් වංචා කරලා තියෙනවා. මූ දීලා තියෙන්නේ රුපියල් 700. එතකොට ඉතුරු මුදල පෝටර් අතින් දාන්ඩ වෙනවා. ප්‍රසිද්ධියේ මූ වංචා කරපු බව ඔප්පු වෙනවා. මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද???????