ජනපතිගේ කාර්ය මණ්ඩලයට කොන්දේසි පනවයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලික කාර්ය මණ්ඩලය සදහා හිටපු ජනාධිපතිවරු පැනවූ කොන්දේසි වලට වඩා වෙනස් කොන්දේසි රැසක් පනවා ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරු පත් කර ගනු ලබන කාර්යමණ්ඩලය සදහා පෞද්ගලික වාහනයක් බැගින් ලබාදී තිබුණේය.

එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කොන්දේසි වලට අනුව කාර්ය මණ්ඩලයට පෞද්ගලික වාහනයක් ලබානොදීමට තීරණය කර ඇත.

තවද රාජකාරී කටයුතු සදහා පමණක් ජනාධිපති කාර්යාලයේ වාහන පාවිච්චි කිරීමට හැකි බවත් කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ගමන් සදහා වාහන භාවිතා කිරීම තහනම් කර ඇති බවද වාර්තා වේ.

Loading