ජනපති අනුර ජොන්ස්ටන්ට එරෙහිව ගොනු කළ නඩුවට අධිකරණය දුන් නියෝගය.!

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජොන්ස්ටන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය කල් දැමීමට කොළඹ දිසා අධිකරණය අද (24) නියෝග කළේය.

එම නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබුණ අතර එම මෝසම තුළින් දැනුම් දී තිබුනේ පැමිණිලිකාර අනුර දිසානායක මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී සිටින බවයි.

ඒ අනුව මෙම නඩුවේ වැඩිදුර විභාගය එළඹෙන මාර්තු මස (24) වනදා දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

පසුගිය 2017 වසරේ තංගල්ලේ පැවැත්වූ ජන හමුවකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකළ ප්‍රකාශයකින් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක විසින් මීට වසර කිහිපයකට පෙර මෙම නඩුව ගොනුකර තිබුණේය.

Loading