කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙනුවට කෝට්ටේ ප්‍රදේශයේ නව ජනාධිපති මන්දිරයක් ඉදි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වේ.
පවතින ජනාධිපති මන්දිරය ඇතුලු විශේෂ ස්ථාන රැසක් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සදහා ඉදිරියේදී යොදා ගැනීමට ගෙන ඇති තීන්දුව අනුව මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපති මන්දිරය කෝට්ටේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටත්, පොලිස් මූලස්ථානය දැනට කොම්පඤ්ඤවීදියේ ඇති ගුවන් හමුදා මූලස්ථානයට ගෙන ඒමටද තීරණය කර ඇති බව වාර්තා වේ.
තවද විදේශ කටයුතු අමාත්‍යංශයද වෙනත් ස්ථානයකට රැගෙන යාමටත්, අනතුරුව මෙම ප්‍රදේශ සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීමට සුදානම් බවද වාර්තා වේ.