රටේ නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් යොමු කර ඇත.
එම පත් කිරීමේ ක්‍රමවේදය ගැන රටේ මහජන විශ්වාසයක් ඇති කිරීමට නම් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහන් කරයි.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ලිපියක් යොමු කරමින් මේ බව අවධාරණය කර ඇත.