රටේ ජාතික ගීය ගායනා කරන විට ජනාධිපති සල්වා කර් විසින් සිය ඇදුමේම මුත්‍රා කරන අයුරු වීඩියෝ කළ දකුණු සුඩානයේ මාධ්‍යවේදීන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
උත්සවයකදී ජාතික ගීය වාදනය වන විට ජනාධිපති කීර් සිය ඇදුමේම මුත්‍රා කරන ආකාරය සමාජ මාධ්‍යවල සංසරණය විය.
සමාජ මාධ්‍යවල සංසරණය වීම සම්බන්ධයෙන් මෙම මෙම සතියේ රාජ්‍ය මාධ්‍යවල මාධ්‍යවේදින් හය දෙනෙකු රඳවාගෙන ඇති බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සදහන් කරයි.
දකුණු සුඩාන මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති පැට්රික් ඔයෙට් රොයිටර් පුවත් සේවයට සදහන් කළේ “ජනාධිපතිවරයා තම සිරුරේ මුත්‍රා කරන වීඩියෝව එළියට ආවේ කෙසේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන්ට දැනුමක් ඇතැයි සැක කරන” බවයි.
එම දකුණු සුඩාන ප්රවෘත්ති අමාත්‍ය Michael Makuei Voice of America ගුවන් විදුලියට පැවසුවේ මාධ්‍යවේදීන් 06 දෙනෙකු රඳවා තබා ගත්තේ මන්දැයි දැන ගැනීමට ජනතාව බලා සිටිය යුතු බවයි.
පසුගිය 2011 දී අප්‍රිකාවේ අලුත්ම රට වන දකුණු සුඩානයේ පළමු ජනාධිපතිවරයා ලෙස සල්වා කර් පත්විය.