ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5යි.. ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

අද (08) දින ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම්දීම සිදුකළ අතර අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවද ඇය සදහන් කළාය.

දැනට සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close