පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසදුමක් නොලැබුන බවත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
මෙම ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත් එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බැවින් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු නොවූ බවද සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සඳහා විවිධ ඇගිලි ගැසීම් පවතිව බැවින් සජබය බලයට පත් වූ විගස ස්වාධීන පරීක්ෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවද සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සිදු කරන ක්‍රියාවලියේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට ගැලවීමට ඉඩ ලබා නොදෙන බවද කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.