වත්මන් ජනාධිපතිවරයාට උපදේශකයින් දෙදෙනෙක් පමණයි.!

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසූවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදේශක තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ උපදේශකරුවන් දෙදෙනෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බවයි.

එම පත් කිරීම සැප්තැම්බර් මස 24 වනදා දින සිට බල පැවැත්වෙන පරිදි ගරු සේවා පදනම් මත පත් කර ඇති බව සඳහන්.

අද (01) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් විජිත හේරත් මහතා ඒ බව සඳහන් කළේය.

එලෙස ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් දුමින්ද හුලන්ගමුව මහතාද ආර්ථික කටයුතු හා මුදල් ස්නාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ආචාර්යය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු පත් කර තිබේ.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement