By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරනා ලෙසයි.
එම වැඩි කළ රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව විමසා ඇති ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
ඊයේ (10) පස්වරුවේදී ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කෙසේවෙතත් ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප මේ වනවිට ගිණුම්ගත කර ඇති බැවින් ඔක්තෝම්බර් මාසය සඳහා වන දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන ලෙසත් එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.