ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර කැදවීමේ බලය ජුලි මස (17) වන දිනට පසු ඕනෑම දිනයක ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසමට හිමි වේ.
ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මස අඟ සතියේ හෝ ඔක්තෝම්බර් මස මුල් සතියේ පැවැත්වීමට නියමිත අතර ප්රචාරක කටයුතු සඳහා දින 28ක් හෝ 35ක කාලයක් හිමි වේ.
ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කාලවකවානු තීරණය කිරීමෙන් පසු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නාමයෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි.
මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු මේ වනවිට මැතිවරණ කොමිසම විසින් ආරම්භ කර ඇත.