මැතිවරණ කොමිසම විසින් මාස තුනකට ආසන්න කාලයක් තිබියදී ජනාධිපතිවරණය පැවැත්වීමේ දින නිකුත් කිරීම පළාත් පාලන මැතිවරණයට කළ ආකාරයේ කල් දැමීමේ ක්රමයේ දිගුවක් බවට විපක්ෂයට සැකයක් මතුව ඇත.
එළඹෙන ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය කැඳවුවහොත් ඊට කිසිවෙකුට විරුද්ධ වීමට නොහැකි වීම බරපතළ කාරණාවක් වන අතර මේ පිළිබඳව සමගි ජන බලවේගයේ හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රිවරුන් පිරිසක් විශේෂ සාකච්ඡාවක් කර ඇත.
පළාත් පාලන මැතිවරණය ප්රකාශයට පත්කළේ මෙවැනි දිගු කාලයක් ඉදිරියට තබා නිසා ජනාධිපතිවරණයට ද එයම සිදුකිරීමට යාමේ දැඩි ප්රවණතාවක් තිබෙන බවට එම විපක්ෂයේ මන්ත්රීවරුන් සාකච්ඡා කර ඇත.
මැතිවරණයට නාමයෝජනා කැඳවන්නේ මාසයක් මාස එකහමාරක් පමණ තිබියදී නමුත් ජනාධිපතිවරණය ප්රකාශයට පත්කිරීම මැතිවරණ කොමිසමේ රාජකාරිය නොවන බවට මතභේදයට තුඩු දී ඇත.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා පනතට අනුව ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට පෙර මාසයකට අඩු නොවන මාස දෙකකට වැඩි නොවන කාලයක් තුළ ජනාධිපතිවරණය ප්රකාශයට පත්කළ යුතුයි.