ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සූදානම්.!

ව්‍යවස්ථානුකූලව නිසි කාලසීමාව තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවත් ඒ සදහා අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කරමින් ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

මේ අතර මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය එළඹෙන ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව කිසිදු සංවර්ධන කටයුත්තක් කළ නොහැකි බවත් මැතිවරණය අවසන් වන තෙක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement