අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් මිල අඩු කිරීමක්.!

අද (05) දින මධ්‍යම රාත්‍රියේ සිට ජනතාවට සහන සැලසීම සදහා බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල 20%කින් අඩුකිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

තවද ප්ලේන්ටියක මිල රුපියල් 10කින් අඩු කරන බවත් ප්ලේන්ටියක නව මිල රු 30ක් වන බවත් කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බවද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් සදහන් කරයි.

ගෑස් මිල අඩු කිරීමත් සමග එහි සහනය රටේ ජනතාවට ලබාදීම සදහා මෙම පියවර ගත් බවද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close