අගමැතිනිය වෛද්‍ය ඒකකය විසුරුවයි.. ගිලන් රථ ආපසු බාරදෙයි.!

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර ඇත.

එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කල බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කරයි.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් එම ඒකකයට ඇතුළත් කර ඇති වෛද්‍ය නිලධාරීන්, කාර්ය මණ්ඩලය, උපකරණ, ඖෂධ, සහ ගිලන්රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල වෙත අදාළ ලිපි ලේඛන සහ යතුරු නිල වශයෙන් ලබාදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.