ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්.!

උතුරු ඊශ්‍රායලයේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිවසට ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවසේ සිට නොමැති අතර ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බවද සදහන් කරයි.

මෙම ප්‍රහාරය ලෙබනනයේ සිට එල්ල කර ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කර ඇති අතර ඩ්‍රෝන ප්‍රහාර 03ක් දියත් කළද ඉන් 02ක් මැඩපැවැත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර ඇත. 

Loading