අවුරුදු 12ක කුඩා දැරියට ලිංගික අතවර කළ විදුහල්පතිට වැඩ වරදී.!

12 හැවිරිදි පාසල් දැරියකගේ පියයුරු ස්පර්ශ කිරීමෙන් ලිංගික අතවරයක් සිදු කර ඇති බවට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

එම බාලවයස්කාර පාසල් දැරියගේ පියයුරු ස්පර්ශ කිරීම හේතුවෙන් ලිංගික අතවරයක් සිදු කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි විදුහල්පතිට වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට අධිකරණ නියෝග කර ඇත.

තවද පැමිණිළිකාර පාසල් දැරියට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකාර විදුහල්පතිවරයාට තවදුරටත් නියෝග කර ඇත.

Loading

RSS