පාසල් දැරියකට ලිංගික අතවර කල කනිටු විදුහලේ හිටපු විදුහල්පතිවරයාට බලපිටිය මහාධිකරණ අද (30) වසර 30ක සිරදඬුවම් නියම කරයි.
තවද එම අතවරයට ලක් වු පාසල් දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද බලපිටිය මහාධිකරණය නියම කරයි.
මෙලෙස දඬුවම් නියම වුයේ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආර්”එම්” මර්වින් නමැත්තාටය.
විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබුණේය.