ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විශාල පිරිසක් අපරාධ රැසකට සම්බන්ධයි.!

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවය කරන පිරිස් විවිධ අපරාධ වලට සම්බන්ධ වූ අවස්ථා ඉතිහාසයේ සිටම වාර්තා වී තිබෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කරයි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියෙන් ඉවත් වූ 750ක පමණ පිරිසක් සමජය තුළ විවිධ අපරාධ වල නිරතව සිටින බවට තොරතුරු ඇති බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කරයි.

කලකට ඉහතදී සිදුකළ නිරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වූ බවත් මේ අතරින් වැඩි පිරිසක් යුද හමුදාවේ හිටපු සෙබළුන් බවද වැඩබලන පොලිස්පතිවරයා සදහන් කරයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කළේ,

“වෙනත් රාජකාරි වල යොදවා සිටි පිරිස් නැවත කැඳවා තිබෙනවා. මහජන සේවය නිසි ලෙස ඉටු කිරීමේ අවශ්‍යතාව මත පදනම්ව තමයි මේ කැඳවීම් කරන්නේ. විශේෂයෙන්ම අපරාධ වැලැක්වීමට මේ අය කටයුතු කරනවා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවය කරන අය අපරාධ වලට සම්බන්ධ වූ අවස්ථා ඉතිහාසයේ සිටම වාර්තා වී තිබෙනවා. ඒ අයත් මේ සමාජයේම කොටසක්. පොලීසිය මහජන ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරව කටයුතු කරනවා.

ඊට අමතරව අපරාධ වැලැක්වීම, අපරාධකරුවන් නීතියේ රැහැනට ගැනීම, අධිකරණ කටයුත නිසියාකාරව මෙහෙයවීම පොලිස් ස්ථාන මගින් සිදු කරනවා. පොලිස් නිලධාරීන්ගෙන් ඒ කටයුතු නිසි ලෙස ඉටු නොවනවා නම් අපිට දැනුම් දෙන්න.

මහජන ජීවිත හා දේපොළ ආරක්ෂා කිරීමේ වගකීම පොලීසියට පැවරී තිබෙනවා. ඉදිරියේදී වඩා විධිමත් ලෙස පොලිස් ස්ථාන හරහා මෙම කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට සැළසුම් කර තිබෙනවා.”

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී දළඳා මාළිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement