අහිංසක ජීවිත රැකදෙන්න නව පනතක්.!

ගව සොරකම සම්බන්ධව දැනට පවතින රුපියල් 10000 දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කර, හරක් හොරුන්ට ඇප ලබා නොදෙන මට්ටමට නීති තර කරමින් පවතින පනත සංශෝධනය කිරිමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා වැවිල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. 

මෙරට ගවපාලනයේ යෙදෙන සුලු පරිමාණ ප්‍රජාවට ප්‍රධාන තර්ජනයක් වී පවතින වන හරක් සොරකම වෙනුවෙන් ලබාදිය හැකි ඉහළම දඩුවම් ලබා දීමට කටයුතු කරන බවත්, දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම හරහා හරක් හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක වන බවද අමරවීර පැවසීය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement