පාසල් ඉදිරිපිට විරෝධතා තහනම්.. ආඥාවක් නිකුත් කරයි.!

අද (13) දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක්, උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිරකරණය විසින් ආඥාවක් නිකුත් කර ඇත.

එම උද්ඝෝෂකයින් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර නාට්‍ය රඟදක්වමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත පොලීසිය කළ ඉල්ලීමක් අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබාදී ඇත.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුලා විද්‍යාල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, සමුද්‍ර දේවී බාලිකා විද්‍යාල, ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය, සුජාතා බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන බැවින් එම විරෝධතා පා ගමන තහනම් කර ආඥාව නිකුත් කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement