අද (10) සිට ජනවාරි මස 12 වනදා දක්වා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ,සේවා ලබාගැනීම සඳහා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස සේවාලාභීන්ට දැනුම්දෙයි.
දැනට පිහිටි ගොඩනැගිල්ලෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යෑමට නියමිත බැවින් එම තීරණය ගෙන ඇති බවත් එම කාර්යාලයේ මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යයි.