අධික වර්ෂාවත් සමග බණ්ඩාරවෙල, පූනාගල, කබරගල වතු රෝහල අසල පිහිටි වතු නිවාස පේළි 02ක් සැඩ ජල පහරකට හසු වී ඇත.
ඊයේ (19) දින රාත්‍රි 9.00ට පමණ සිදුවූ එම ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇත.
එම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට තවත් පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බවද වාර්තා වේ.