ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ රුසියානු නිලධාරිනී මාරියා ලෙවෝවා-බෙලෝවා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර ඇත.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය සදහන් කරන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවත් නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම තවත් එක් චෝදනාවක් බවයි.
එලෙස අතුරුදන් වූ බොහෝ දරුවන් රුසියාවට බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවද යුක්රේන රජය සදහන් කරයි.