ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් තීරණයක් ගනී.!

අද (17) දින අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව (QR) එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

එහිදී ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක ඉන්ධන කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරු පැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවීමට පසුගියදා තීරණය කළේය.

බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ලොරිරථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට ලීටර් 75 දක්වාත් වෑන්රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30ක් දක්වා වැඩි කළේය.

මෙම අප්‍රේල් මස පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණේය.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close