නව QR කෝටාවක් හදුන්වා දෙයි.!

ඉදිරියේදී නව QR කේතයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පුද්ගලික ව්‍යවසායකත්ව වැඩ මුළුවකට සහභාගි වෙමින් සදහන් කරයි.

ඉදිරියේදී QR ක්‍රමවේදය භාවිත කරමින් ගොවි ජනතාවට පොහොර, බීජ වැනි දෑ ලබාගැනීමට ඉඩප්‍රස්ථාව හිමිවන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

ගොව් ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ සේ පීඩාවට පත්වු බවත් ඔවුන් වෙනුවෙන් මේ වසර තුළද පොහොර වලට අමතරව සහන ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“අපි විශ්වාස කරනවා මේ පොහොර ලබාදීමේ කටයුත්ත ආණ්ඩුව කළ යුතු නෑ කියලා. ඒකට පෞද්ගලික අංශය අපි සම්බන්ධ කර ගත යුතුයි. ඔබට ආරධනා කරනවා ඉදිරියේ දී පොහොර වැඩසටහන්වලට ජනාධිපතිතුමාගේ රජයේ අදහස රාජ්‍ය අංශය මැදිහත්වෙලා අනවශ්‍ය වියදමක් දරන්න ඕනේ නෑ.

ගිය වතාවේ පොහොර ප්‍රවාහනයට පමණක් බිලියන 6.7ක් වියදම් කරලා තියෙනවා ප්‍රවාහනයට හා අනෙකුත් වියදම්වලට. ඉතින් මේක පෞද්ගලික අංශයට දීලා ගොවියාට සල්ලි ටිකක් දුන්නා නම් අපි දන්නවා ගොවීන්ට තව කාලයක් යනකල් සහනයක් ඕනේ. ඒ අය නරක තැනකට වැටිලා තියෙන්නේ. සමහරු දැන් තමා රත්‍රං බඩු ටික බේරගන්නේ.

මේ කන්නයේ යම් ප්‍රමාණයක ප්‍රගතියක් තියෙනවා. ඒ අය යතාතත්ත්වයට පත්වෙන කල් ඒ අයට මුල්‍යමය වශයෙන් දායකත්වයක් ලබාදෙන්න ඕනේ. අපි මේ අවුරුද්දෙත් ඒ දෙන පොහොරවලට අමතරව මුල්‍යමය දායකත්වයක් දෙනවා.

මුල්‍යමය දායකත්වයක් ඒ අයට දුන්නාම වවුචර් එකක් වෙන්න පුළුවන්. ඉදිරියේ දී අපි QR කෝඩ් එකක් තමා හඳුන්වා දෙන්නේ. එතකොට ඒ අයට පොහොර කඩෙන් පොහාර ගන්න, බීජ තියෙන තැනට ගිහින් බීජ ගන්න ඒ දේවල්වලට යොමුකරන්න පුළුවන්. “

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close