රට තුළ කෘතිම රා නිෂ්පාදනයේදී ශරීර සෞඛ්‍යයට අහිතකර නොයෙකුත් විෂ සහිත ද්‍රව්‍ය එකතු කරන බවට රස පරීක්ෂක වාර්තා මගින් තහවුරු කර තිබෙන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු සදහන් කරයි.
ලංකාවේ අළෙවි කරන රා වලින් සියයට 90% ක්ම නියමිත ප්‍රමිතියෙන් තොර බවත් මේ හේතුවෙන් හෘදයාබාධ, පිළිකා ඇතුළු රෝග රැසක් වැලඳීමට මෙම තත්ත්වය හේතු වී ඇති බවද මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු සදහන් කරයි.
කෘත්‍රිම රා නිෂ්පාදනයේදී අලි නිර්වින්දනය කිරීම සඳහා යොදා ගන්නා ඖෂධ යොදා ගන්නා බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු (24) මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කරයි.
වාර්ෂිකව මත්පැන් අළෙවියෙන් රුපියල් බිලියන 300කට වඩා අධික බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බවද මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු සදහන් කරයි.