By unusuma.lk on
(LK time)පසුගියදා නෙළුම් කුළුනෙන් පැන සිය දිවි නසාගත් සිසුවියගේ පියා ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් වන්නේ අදාළ ජාත්‍යන්තර පාසලේ සිසුන් නවක වදයට ලක්වන බවයි.
“මගේ දරුවා ඉගෙන ගත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලේ 11 වන වසරේ, එයා පාසලට එක්කන් යන්නෙත් එක්කන් එන්නෙත් අපිම තමයි. අපේ දුව එදා ගීතිකා පුහුණුවක් සඳහා අමතර පන්තියක් තියෙනා බව කිව්වා. දවල් 2ට විතර මම ඉස්කෝලෙ ළඟට ගියා දුවගේ කෑම එක ගිහින් දුන්නා. හවස 4.55ට විතර මම දුවගේ ෆෝන් එකට කතා කළාම ආන්ස්වර් කළේ පොලිසියෙන්, පොලිසියෙන් කිව්වා අනතුරක් සිදුවෙලා තියෙනවා නෙළුම් කුළුන ළඟට එන්න කියලා.
මම රබර් නිෂ්පාදන ව්‍යාපාරයක් කරනවා. මගේ දුව සාමාන්‍ය පෙලට පෙනී සිටින්නට තමයි මේ අවුරුද්දේ සූදානමින් හිටියේ. අපි දුවට ෆෝන් එකක් අරගෙන දීලා තිබුනා. එයා හිටපු ගමන් පාසල් යන්න බෑ කියනවා. ගිය සතියේ දවස් දෙකක් පාසල් ගියේ නෑ. ඉතින් අපි දුවට කතා කරනවා අපි හොයලා බලනවා. සමහර වෙලාවට එයා ගොඩක් කලබල වෙනවා. පහු ගිය කාලේ එයා මානසික ආතතියට බෙහෙත් බිව්වා. මීට කලින් සිය දිවි නසාගත් සිසුන් දෙදෙනාත් දුවගේ යාලුවෝ. දුව ඒ ගැන ගොඩක් දුකින් හිටියේ.
අපි කියන්න ඕන දේ තමයි මේ පාසලේ නවක වදය ලොකුවට තියෙනවා. ඒ ගැන ළමයින්ගෙන් ඇහුවත් ළමයි කියන්නේ නැහැ. නවක වදයට දෙන්නේ මොන වගේ වදයක්ද කියලා කියන්නෙත් නෑ”