මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දීය IRCON සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම ආයෝජනයෙහි වටිනාකම ඇ. ඩොලර් මිලියන 91.27ක් වන අතර මෙහි අනුරාධපුර සිට වව්නියාව දක්වා කි. මී.48ක කොටසක් ප්‍රතිසංස්කරණය කරයි.
අනතුරුව මීළඟ අදියර ලෙස වව්නියාව සිට ඕමන්ත දක්වා කි. මී.13ක කොටසක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති අවසන් කිරීමෙන් අනතුරුව පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකිය.
එමගින් කොළඹ සිට යාපනය කන්කසන්තුරේ දක්වා දැනට දුම්රිය මගින් ගමන් කිරීමට ගතවන කාලය පැයකින් අවම කරගැනීමට හැකි බවද සදහන් කරයි.
පසුගියදා මාස 05ක කාලයක් සදහා මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නතර කළේය.