කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (12) ප.ව. 2.00න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ආශ්‍රිතව උදෑසන කාලයේදීත් ස්ථාන කිහිපයක මද වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැක ගත හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.