නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය බාරගන්න රාජපක්ෂ වරයෙක්ට ඇරයුම්.!

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ  විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක්  පැවැත්විණි.

පා.ම විජයදාස රාජපක්ෂ එම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස  සහභාගී වී ඇති අතර එහිදී ආසන සංවිධායකවරුන් සහ විධායක සභිකයන් ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ධූරය  භාර ගන්නා ලෙස  එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගෙන්  එක හඬින් ඉල්ලීම් කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධව මාද්‍ය විසින් කළ විමසීමේදී විජයදාස රාජපක්ෂ පැවැසුවේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවයි.

එමෙන්ම, විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟින් පැමිණෙන අයුරු දැකගත හැකිවූ බව වාර්තා වේ.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement