රජයේ සේවක වැටුප් ගෙවිම අවස්ථා දෙකකට.!

රටේ පවතින මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන සියලුම රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් වෙන වෙනම අවස්ථා දෙකකදී ගෙවීමට භාණ්ඩාගාරය තීරණය කරයි.

වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ගණකාධිකාරි, අධ්‍යක්ෂ නිලධාරීන්ට ලිපියකින් දැනුම්දී ඇත.

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.ඩී.එල් සිල්වා සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ  සෙනෙවිරත්නගේ අත්සනින් යුතු එම ලිපිය යොමු කර ඇත්තේ පසුගිය 13 වැනිදාය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close