විවිධ අවශ්‍යතා සහ විවිධ උත්සව ආදිය වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රජයේ නිවාඩු දින අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
රජයේ නිවාඩු දින අඩුකර වැඩ කරන දින ප්‍රමාණය වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද දැඩි අවධානය යොමුව ඇත.
රටේ මහජනතාවට අත්‍යවශ්‍ය සියලුම රාජකාරී කටයුතු ප්‍රමාදයකින් තොරව ඉටුකර ගැනීම සදහා අවධානය යොමුවී ඇති අතර මේ සම්බන්ධව කරුණු අධ්‍යයනය කරන ලෙසද හෙතෙම බලධාරීන්ට උපදෙස් දී ඇත.
එම තීරණය මගීන් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සහ රටේ මහජනතාවට රජයේ සේවයන් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාගැනීමේ හැකියාව සපුරාදෙනු ඇති බව අපේක්ෂා කරයි.