විපක්ෂ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේග පක්ෂයේ තීරණවලට පටහැනිවන ආකාරයෙන් දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරන නිසා ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂයට විශාල හානියක් බව එම මන්ත්‍රීවරුන් සදහන් කර ඇත.
එනිසා තවදුරටත් සමගි ජන බලවේග පක්ෂයට වන හානිය වලක්වා ගැනීම සඳහා මන්ත්‍රී රාජිත සේනාරත්න වහාම තම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙස එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇති බවද වාර්තා වේ.
එහෙත් සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ප්‍රකාශයට පත් කර නැති බවද වාර්තා වේ.