ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර දෙන්නේ නම් එය භාර ගැනීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.
මුදල් වලට මෙන්ම දේශපාලන හේතූන් මතද පිල්මාරු කරන අය දේශපාලනයේ යෙදී සිටින බව උත්සව අවස්ථාවකට එක්වෙමින් රාජිත සේනාරත්න සඳහන් කරයි.
එහෙත් එසේ මුදල් ලැබීමක් නිසා නොව තමන් දේශපාලන හේතු මත තීරණ ගැනීමට සූදානම් බව රාජිත සේනාරත්න තවදුරටත් සදහන් කරයි.