රාජිත සජබෙන් එළවා දමන්න සුදානම්.. සජිත් ප්‍රකාශයක් කරයි.!

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විපක්ෂ සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කිරීමට තීන්දුකර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

රාජිත සේනාරත්න පක්ෂයෙන් ඉවත් කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ තමාට ඇමතිකමක් ලබාගෙන වත්මන් ආණ්ඩුවට එක්වීමට සූදානම් බව ප‍්‍රසිද්ධියේම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම වේ.

තවද මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නොමනා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමගි ජන බලවේග පක්ෂයේ සංවිධායකයන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔහුට එරෙහිව පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේග නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත කියා සිටියේ තම පක්ෂයේ අණ නොතකා කටයුතු කරන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close