කළුතරදී විපක්ෂ සමගි ජන බලවේග රාජිත සේනරත්නට එරෙහිව සමගි ජන බලවේගයෙන්ම දැඩි ප්‍රහාරයක් එල්ල කරයි.
ඒ රාජිත සේනාරත්න වැනි අනවශ්‍ය පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්න එපා යනුවෙන් අගලවත්ත සමගි ජන බලවේග ජාතික සංවිධායක ජගත් විතානගේ සදහන් කරයි.
කළුතරින් ඇප තැන්පත් කර රාජිත සේනාරත්න ජනපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව හොද බව කියමින් ප්‍රකාශ නිකුත් කොට ඇති බවද ජගත් විතානගේ සදහන් කරයි.
තවද මේ අවස්ථාවේ රටට ඡන්දයක් අනවශ්‍ය බව ප්‍රකාශ කර ඇති අතර මෙවැනි දුෂිත පුද්ගලයන් දේශපාලන පිටියෙන් ඉවත් කිරීමේ සටන ආරම්භ කරන බවද ජගත් විතානගේ තවදුරටත් සදහන් කරයි.