By unusuma.lk on
(LK time)හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු සුදුවෑන් සිද්ධියට අදාළව විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) දින නියෝග කර ඇත.
පසුගිය 2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබුණේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.