පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසූවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගගේ අනුමැතිය මත ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘මන්නා රමේෂ්’ හෙවත් රමේෂ් ප්‍රියජනක දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බවයි.
ඔහු මීට මාස කීපයකට පෙර ඩුබායිහිදී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ 32 හැවිරිදි වියේ පසුවන මන්නා රමේෂ් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු මැයි 7 වන දා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ආවේ මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක මැදිහත් වීම හරහාය.