රුපියල් හත්සීයකට ප්‍රසන්න රණවීර ගුවන්තොටුපොළ සුළු සේවකයෙකුගේ කන පලයි.!

විදේශයක සිටින තම පුත්‍රයා බැලීම සඳහා සිය බිරිඳ ගුවන් තොටුපලට ඇරළවීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගිය 14 වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබූ අතර රාජ්‍ය අමාත්‍යවරයා ගිනි අවි රැගත් සිය ආරක්ෂක නිලධාරීන් සමඟ ගුවන් තොටුපලට ඇතුළුවීමට ගිය අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඇතුළුවීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නා ලෙසයි.

එමෙන්ම, ගිනි අවි ඉවත්කර ගුවන් කොටුපල වෙත ඇතුළුවන ලෙසද ආරක්‍ශක අංශ විසින් රාජ්‍යය අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

එහිදී එතුමා කලහකාරී ලෙස හැසිරෙමින් ආරක්ෂක අංශ නිලධාරීන්ට බැණ වැදි ඇති බවත්, ඒ අසල සිටි පෝටර් වරයෙකු ලෙස රැකියාව කරනා වයෝවෘද්ධ ගුවන්තොටුපොළ සුළු සේවකයෙකූටද පහරදි ඇති බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ රැගෙනවිත් තිබු ගමන්මලු කිහිපයක් ප්‍රවාහනය සඳහා අදාළ පෝටර්වරයා වෙත ලබාදුන් මුදල ප්‍රමාණවත් නොවන බව පැවසීම හේතුවෙන් එළෙස පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වේ.

අදාළ පහරදීම එහි තිබූ cctv කැමරාවක ද සටහන්ව තිබෙනා නමුත් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ එවැනි පහරදීමක්ද සිදු නොවු බවයි.

Loading

One thought on “රුපියල් හත්සීයකට ප්‍රසන්න රණවීර ගුවන්තොටුපොළ සුළු සේවකයෙකුගේ කන පලයි.!

  • එතුමා?….. කව්ද මුංට ගරුනම්බු දෙන නිවටයො. සල්ලි වලටද තනතුරු වලටද බය? ලැජ්ජයි.

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement